ලෝකෙටම බඩු පැකට් වීමට නියමිතයි.

 මේ කියන්න යන්නේ දැන් ලෝකෙටම හුරු පුරුදු කොරෝනා වසංගත තත්වය ගැන නෙමේ. කොරෝනා තත්වය සමග උත්ගත වෙමින් පවතින වෙනත් ප‍්‍රශ්ණයක් සබම්න්ධවයි. ලොව පුරා සෑම රටක්ම කොවිඞ් 19 සඳහා විවිධ ප‍්‍රතිචාර දැක්වීම සිදුකලා. එහිදි සිදුකල පොදු ප‍්‍රතිචාරයක් වූයේ සංචරණ සීමා පැණවීම, ඇඳිරි නීතිය දැමීම හෝ ප‍්‍රදේශ වශයෙන් හුදකලා කිරීමට කටයුතු කිරීමයි. මෙවන් තත්වයන්හිදී මිනිසුන් යුහුසුළුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කරන ආකාරය දක්නට ලැබුණා. එම රැස්කිරීම සමහරවිට සැබෑ භාවිතාවට ගැනෙන ප‍්‍රමාණයන්ට වඩා බොහෝ සෙයින් වැඩි ප‍්‍රමාණයක්. 

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස්කරන අතරම සැකසූ ආහාර මිලට ගෙන රැස්කිරීමද බොහෝසෙයින් සිදුවිය. සැකසූ ආහාර ලෙසට විශේෂයෙන් ඔබ ප‍්‍රදේශය හුදකලා කර තිබූ අවස්ථාවන්වල ගෙදර සිටියදී කොතරම් බිස්කට් ඇතුළු ක්ෂණික ආහාර ලබාගත්තේද යන්න මතක්කර බලන්න. වර්තමාන ලෝකයේම බහුතර පිරිසක් මෙවන් සැකසූ ආහාර ගිලදැමීම සිදුකරන සමයක් ලෙස මෙම කාලය හඳුන්වාදිය. මේ කෑම නිසා සිදුවන සෞඛ්‍ය හානිය ව්‍යසනයක් ලෙස අපට දැනෙන්නට තව ටිකක් කල්ගත වෙනු ඇත. එහෙත් මෙම ආහාර ඇසුරුම් පරිසරයට ඒක් වීමෙන් සිදුවන පරිසර හානියට නම් එදිනෙදා මුහුණදීමට අපට සිදුවනු ඇත. 

ඇසුරුම් කල ආහාර විකිණීම අතීශය ඉහලගොස් ඇති බව වෙළඳ වාර්තා පෙන්නුම් කරයි. ඒ අනුව වෙනදාට වඩා වැඩි ප‍්‍රමාණයක් ඇසුරුම් භාවිතාවෙන් පසු පරිසරයට එක්වීම සිදුවනු ඇත. සමහරවිට සැකසු ආහාර ඇසුරුම් ඇතුළු නිවසේ එකතුවන පොලිතීන් ගිනිබත් කිරීමද විශාල පරිසර ගැටළු ප‍්‍රමාණයක් ඇතිකරනු ඇත. මේ තත්වයට නිවසේදීම පිලියම් යෙදීම අප සැමගේ කාර්්‍යකි. අප භාවිතාකර ඉවත දමන ආහාර ඇසුරුම් අපගේ ප‍්‍රශ්ණයක් විනා පලාත් පාළන ආයතනයක වගකීමක් නොවේ. මේ දිනවල නිවසේ රැුදී සිටින අතර එදිනෙදා භාවිතාවෙන් ඉවත දමන මෙම ඇසුරුම් අනිසි ලෙස වායුගෝලයට හෝ අප පරිසරයට එක්වීම සිදු නොකිරීමට වැඩපිළිවෙලක් ගෙදරදීම ආරම්භ කිරීම යෝග්‍යවේ.

එහිදී, ඉවත දමන මෙගා ප‍්‍රමාණයේ ප්ලාස්ටික් බෝතල්වලට මෙම ඉවත දමන ඇසුරුම් දැමීම සිදුකල හැකිය. එය ලෝකයේ Eco Bricks ක‍්‍රමය ලෙස හඳුන්වනු ලබයි. ලීටර් දෙකක පරිමාණයක් සහිත බෝතලයකට හොඳින් සිරකර දමන සියළු ආකාරයේ පොලිතීන් හා නොදිරන බෙහෙත් කවර වැනි දෑ පරිසරයට යොමුවීම මින් වැළකී යයි. සාමාන්‍ය 05 දෙනෙක් ජීවත්වෙන නිවසක වර්තමානයේ භාවිතාවන සැකසූ ඇහාර ඇසුරුම් මගින් බෝතලය පුරවාගැනීමට දින 20 ක් 25 ක් අතර කාලයක් ගතවෙනු ඇත. මෙය පොලීතීන් වැනි නොදිරන දේ සඳහා ගතහැකි හොඳම ක‍්‍රියාමාර්ගය නොවූවත් මේවා පරිසරයට එක්වීමෙන් සිදුවන ගැටළු බොහෝ ප‍්‍රමාණයකට විකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය.

දිනකට විනාඩි කිහිපයක් ගෙන මෙම කාර්්‍ය ඉටුකිරීම මගින් ඔබට මහඟු පරිසර සද්ක‍්‍රියාවකට දායකවිය හැකි වන අතර එයින් තෘපිතියක් ලැබීමටද හැකියාව ඇත. කොරෝනා වැනි බෝ වන හෝ නොවන රෝග වලින් වැළකීම මූලික වශයෙන් පැවරී ඇත්තේ අපිටමයි. පරිසරය සුවපත් වෙන ආකාරයෙන් කටයුතු කලහොත් එහි ප‍්‍රථිපලයද හොඳ විදියට අපට විඳීමට හැකිවනු ඇත. එමණිසා මේ කොරෝනා සමයේ නිවසේ එකතුවෙන ඇසුරුම් හා පොලිතීන් වගකීමෙන් පරිපාලනය කිරීමට යෝජනා කරමි. කොරෝනා තත්වයේ අතුරු ඵලයක් ලෙස තවත් එවැනිම ගැටළුවකට ලෝකයට මුහුණදීමට සිදුවීම යම් ප‍්‍රමාණයකින් හෝ වළක්වාගැනීමට අපගේ උත්සාහය හේතුවක් වනු ඇත.


Comments

Popular posts from this blog

මව්පියන් විදේශ රැකියා වෙත යොමුවීම සමග ඇතිවී ඇති සමාජ ගැටළු හිලව් කලහැකි ද?

ජාතික ආගමික සංහිඳියාවේ සංකේතාත්මක පුරවරය