අපි හිතන්න ඕනේ කොහොමද කියලා තීරණය කරන්නනේ මාධ්‍ය කොරෝනා සමය ගෙවෙමින් පවතිනවා වගේ හැඟීමක් එනවා නේද ? ඒත් ඇත්තටම කොරෝකා ප‍්‍රශ්ණේ ඉවරයි ද? නෑ ඒක ඉවර නෑ... දැන් තමයි වාර්තා වෙන විදියට දකුණු ආසියානු කලාපයට වැඩිම බළපෑමක් එල්ල වෙන කාලේ. ඉන්දියාවේ, බංගලාදේශයේ හා පාකිස්තානය වැනි රටවල කොවිඩි නිසා ඇතිවන මරණ විශාල ලෙස වැඩි වෙලා. රෝගීන් ඇතුල්කරගෙන ප‍්‍රතිකාර කිරීම සිය උපරිම මට්ටමට පැමිණ ඇතැයි ඉන්දීය රජය පවසනවා. අපිට දැන් කොරෝනා ඉවරයි වගේ හැගීමක් එනවා. ඒක එන්න ප‍්‍රධාන හේතුවත් තමයි අපේ රට මේ වන විට ලිහිල් කොට සාමාන්‍ය පරිදි වැඩ ආරම්භකර තිබීම. අනෙක් ප‍්‍රධාන හේතුව තමයි කොරෝනා පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය එන්න එන්නම අඩු වීම. අද වනවිට ප‍්‍රධාන ප‍්‍රවෘත්ති වාර්තාවලදී පවා විදේශයන්ගේ කොරෝනා තත්වය පිළිබඳ අවධානය යොමු උවත් අපේ රටේ තත්වයන් පිළිබඳව සුවිශේෂි බවකින් තොරව වාර්තා වීම් සිදුවෙනවා. ඇත්තටම සුවිශේෂිව වාර්තා කරන්න දේකුත් නැතුව ඇති. එහෙත් ඔබට මතක නම් මීට මාස 02 ට පෙර මේ මාධ්‍ය හැසිරීම තිබුණේ කොහොම තැනකද කියලා වඩා හොඳ අවබෝධයක් ලබාගත හැකියි. ඇත්තටම ඒ දිනවලත් සුවිශේසී නොවන දේ ඉතාම සුවිශේෂි ආකාරයෙන් මාධ්‍ය...