ජාතික ආගමික සංහිඳියාවේ සංකේතාත්මක පුරවරය
ශ්‍රී ලංකාව, අපේ රට ජන වර්ග කිහිපයක හා ආගමි කිහිපයක මිනිසුන් වාසය කරන විවිධත්වය හෙබි රටක්. මෙම විවිධත්වය රටකට ආභරණයක්. බොහෝවිට යුරෝපය, ඇමරිකාව හා ඕස්ටේ්‍රලියාව වැනි රටවල් සිය රටේ දොරටු මෙම විවිධත්වය ලබාගැනීම සඳහා විවෘත්ත කරනු ලබයි. ඇමරිකාව විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ග්‍රීන් කාර්ඞ් ලොතරැයි ක්‍රමය එවැනනක්. ග්‍රීන් කාර්ඞ් හරහා ලෝකයේ වෙසෙන වෙනත් ජනවර්ගයන්ට අයිති ජනතාවට ඇමරිකාවේ පදිංචියට අවස්ථාව උදාකර දෙනුලබයි. එසේ වාර්ෂිකව ඇමරිකාවට ඇතුල්වන පිරිස දහස් ගණනක්. ඉතිහාසය පුරා සිදුකරන ලද මෙම වැඩසටහන හරහා ඇමරිකානුවන් බවට පත්ව ඇති පිරිස ලක්ෂ ගණනක්. වර්තමානයේ නොයෙක් ක්ෂෙත්‍රයන්ගේ දක්ෂයන් මෙන්ම නිර්මාණශීලි මිනිසුන් නොපිරිහෙලා ඔවුනොවුන්ගේ උන්නතිය උදෙසා කටයුතු කරනු ලබයි. අවසාන වශයෙන් එම පිරිසද නිරායාසයෙන්ම රටේ උන්නතිය සඳහා දායකවී ඇත. විවිධත්වය අගය කරමින් ඒ පිළිබඳ විශ්වාසය තැබීම හරහා රටට හා ජනතාව යන දෙපාර්ශවයටම ජයග්‍රහණයක් අත්කරදෙන ආකාරයේ අපූරු උදාහරණයක් ඇමරිකාව එසේ සපයා තිබේ. https://www.green-card.com/green-card-benefits/ අපේ රටටත් මෙම විවිධත්වය දායක කරගනිම්න් බොහෝ සාරවත් ගමනක් යාමට හැකිය...