මව්පියන් විදේශ රැකියා වෙත යොමුවීම සමග ඇතිවී ඇති සමාජ ගැටළු හිලව් කලහැකි ද?


ශ්‍රී ලංකා අපේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස සැපයීමේ අංශය හඳුන්වාදිය හැකිය. කෘෂිකර්මාන්ත ආදායම, කාර්මික නිෂ්පාදන ආදායම හා සසඳන කල සමස්ත රාජ්‍ය ආදායමෙන් 58.3 % වැඩිම ආදයෙමක් උපයා දෙන්නේ සේවා අංශයෙනුයි. එහිද මූලික ආදායම් මූලාශ්‍රය වන්නේ මිලියන 02 ක් පමණවන විදේශගත ශ්‍රී ලංකික ප්‍රජාව අප රට තුලට එවනු ලබන විදේශ මුදල් වේ. වසරකට $ බිලියන 7 අධික විදේශ විනිමයක් මෙම විදේශගත ශ්‍රමික පිරිසෙන් රටවෙත ගලා ඒම සිදුවේ. එමනිසා සේවා සැපයීමේ අංශයේ ප්‍රධාන ආදායම් උපදවන මූලාශ්‍රය බවට එය පත්ව ඇත. දල ජාතික ආදායමෙන් 9%  ප්‍රමාණයක් උපයාදෙනු ලබන්නේ මෙම  ශ්‍රමික ජනතාව විසිනුයි.  
https://bit.ly/2K3pJZ5

මෙම තත්වය කෙසේ වෙතත් රටේ ජනතාවගෙන් 10 % ක් පමණ වන විදේශ ශ්‍රමික පිරිසෙන් කොටසකගේ හා ඔවුන්ගේ පවුල්වල කතාව සුන්දර එකක් නම් නොවේ. විශේෂයෙන්ම කාන්තා විදේශ ශ්‍රමිකත්වය හා නිසි පුහුණුවක් නොමැතිව විදේශ රැකියා සඳහා යොමුවීම කිසිදු ආකාරයකින් රටට හොඳ ප්‍රථිපලයක් අත්කර නොදෙයි. එයට අමතරව අප මතුකිරීමට සූදාණම් වන්නේ සමස්ත විදේශ රැකියා සඳහා යොමුවීම් නිසා සෘජුවම හා වක්‍රාරකාරයෙන් ඇතිව තිබෙන විශාල සමාජ ගැටළු පිළිබඳවයි.

දල ජාතික නිෂ්පාදනයට එක් එක් අංශයන්ගේ දායකත්වය 2009- 2019 (statista.com)

https://bit.ly/33Ya5W9

මිලියන 02 තරම් අතිවිශාල ජනකායක් සිය රටෙන් දුරස්ව විසීම මගින් කුමන ආකාරයේ තත්වයන් සමස්තයක් ලෙස රටේ ඇතිකර තිබේද? මෙවන් විශාල පිරිසක් සිය පවුල්වලින් දුරස් වී තිබීම කුමන ආකාරයේ සමාජ ගැටළු සඳහා මගපාදා ඇතිද ?

        මව්පියන්ගෙන් කෙනෙක් හෝ විදේශගත වීම නිසා සුරක්ෂිතබාවය සම්පූර්ණයෙන්ම හෝ කිසියම් ප්රමාණයකින් අඩු වූ දරු පරපුරක් ඇතිවීම.

        දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවේක්ෂණය ගිලිහීම නිසා ඇතිවන දීර්ඝකාලීන බළපෑම.

        බිරිඳ රැකියාවට විදේශගතවීම හා ස්වාමි පුරුෂයා මද්‍යසාර භාවිතයට නතුවීම හෝ වෙනත් සමාජ විරෝධී තත්වයකට යොමුවීම.

        යොවුන් වියේ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවීම.

        මව හෝ පියා විදේශගත වීමේ තත්වයකදී එය පිරිමසා ගැනීමට යොදන සමාජ පිරිවැය ඵලදායි නොවීම.

        අඩු වයස් විවාහ හා සෞඛ් අවදානමකට දරුවන් ගොදුරු වීම.

        නිවැරදි ආකාරයෙන් රැකියාව සඳහා විදේශගත නොවුනහොත් එම පුද්ගලයා වින්දිතයෙක් බවට පත්වීම.

        දරුවන් මව්පියන්, බිරිඳ ස්වාමියා යන බැඳීම් හීනවී යාම නිසා දීර්ඝකාලීන ගැටළු ඇතිවීම.

දරුවන්ට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් 2018 වර්ශයේ දී ළමා රක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලි ප්‍රමාණයන් දිස්ත්‍රික් මට්ටමින් විමසා බැලීමේදී පෙනී යන්නේ විදේශ රැකියාවන් සඳහා වැඩි වශයෙන් යොමුවන ප්‍රමුඛ දිස්ත්‍රික්කවල  ළමා හිංසන සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි. මෙම තත්වය සිය දෙමාපිය රැකවරණය අහිමිවීම හා ඔවුන් දුරස්වීමේ ප්‍රථිපලයක් ලෙස උපකල්පනය කලහැකිය.

 

දිස්ත්‍රික්ක

 ළමා රක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලි ප්‍රමාණය

විදෙස් රැකියාවන් සඳහා වැඩියෙන්ම යොමුව ඇති දිස්ත්‍රික්ක පිළිවෙලින්

01

කොළඹ

1167

කොළඹ

02

ගම්පහ

888

ගම්පහ

03

කුරුණෑගල

726

මහනුවර

04

ගාල්ල

537

කුරුණෑගල

05

අනුරාධපුරය

487

කළුතර


http://www.childprotection.gov.lk/wp-content/uploads/2018/02/2020.2.24-1929-complaint-data-to-web.pdf

අපේ රටෙන් විදේශගතවන පිරිසෙන් 66% පිරිමින් පුද්ගලයන්වන අතර 34% කාන්තාවන් වේ. මෙසේ විදේශ රැකියා සඳහා යොමුවී ඇති ප්‍රමාණයෙන් 90% තරම් ප්‍රමාණයක් මැද පෙරදිග කලාපයේ සේවය කරනු ලබයි. රටේ දරුවන් සම්බන්ධයෙන් කතා කිරීමේදී ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමටද දෙමව්පියන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුවීම හේතුවක්වී ඇති බව සොයාගෙන ඇත. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පාසල් දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රවණතා නමින් සිදුකර ඇති සමීක්ෂණයට අනුව දෙමාපියන් සමග ජීවත්වන දරුවන් හා සසඳන විට එසේ ජීවත් නොවන දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැඩිබව සොයාගෙන ඇත. අනුව දෙමව්පියන්ගෙන් කිසිවෙකුගේ හෝ විදේශගතවීම ඔවුන්ගේ දරුවන්ගේ අනාගත පැවැත්මට සෘජුවම බළපෑම් ඇතිකරන බව පෙන්වායදි හැකිය. (පිටුව 49)

https://www.ilo.org/global/topics/labour-migration/publications/WCMS_720181/lang--en/index.htm


http://www.nddcb.gov.lk/Docs/research/School_population.pdf

ආරක්ෂිත විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට ජනතාව යොමුකරවන හා උනන්දු කරවන  ප්‍රජාමූල සංවිධාන මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශකර  සිටියේ, විදේශ රැකියාව සඳහා යොමුවන්නාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ් උපදෙස් හා සහයෝගය රජයේ ආයතන හා ඔවුන් විසින්ද ලබාදුන්නත් පවුලේ සාමාජිකයන්ගේ මානුෂීය අවශ්යතා පිළිබඳව එතරම් සූක්ෂම සොයාබැලීමක් සිදුනොකරන බවයි. දෙමාපිය රැකවරණය අහිමිවීම් හා දරුවන්ට වෙනස් ආකාරයෙන් සැලකීම් මෙන්ම අඩු වයස් විවාහ නිසා ඇතිවී ඇති සියළු ආකාරයේ සමාජ ප්‍රශ්ණ ප්‍රජාමූලික සේවා සපයන්නන් ලෙස ඔවුන් අත්දැක ඇති බව ප්‍රජා ශක්ති සංවර්ධන පදනම නියෝජනය කරමින් නිළධාරිනියක් අප හා  ප්‍රකාශකර කරන ලදී

ආරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවුවත් එම රැකියා කාලය තුල දරුවන්ගේ හා සැමියා බිරිඳ යන අයගේ අන්තර් බැදීම්වලට සිදුවන අගතිගාම් බලපෑම දීර්ඝකාලීනව පැවතිය හැකි බවට සනාථ කලහැකි ජීවමාන සාක්ෂි ඕනෑතරම් අපට දැකගත හැකිය. විදේශ රැකියාවන් සඳහා වැඩි වශයෙන් ජනතාව යොමුවන කුරුණෑගල දිස්ත්‍රික්ක තුල උක්ත ගැටළු පැහැදිලිව දැකගත හැකි අතර ප්‍රාදේශීය වශයෙන් තොරාගත් විදේශ රැකියාවෙන් අනතුරුව නැවත රටට පැමිණි පිරිසෙන් කරන ලද සමීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ මෙම පිරිස උග්‍ර සෞඛ් ගැටළු වලට මුහුණදෙන බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදේශගත රැකියා සඳහා යොමුවූ පවුල්වල 6 වසරේ සිට 10 දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 99 ක් ආශ්‍රයෙන් සිදුකරන ලද අධ්‍යනයකදී  හෙළිවූයේ, දෙමාපියන් හෝ එක් අයෙක් විදේශගත වූ පරිසරයක ජීවත්වන දරුවන් සිය අධ්‍යාපනය අනෙක් දරුවන්ට වඩා කලින් අහවර කරගන්නා ප්‍රවණතාවයක් ඇති බවයි. අතරම දරුවන්ගේ පෝෂණ හා සෞඛ්‍ය අවශ්යතා නොසකලා හැරීම් සිදුවීම එවන් දරුවන් අතර සුලබ බව අධ්‍යනයේදී පෙනෙන්නට තිබී ඇත.

මෙම අධ්‍යනය සිදුකල කුරුණෑගල දිස්ත්රිකක්යේ මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධානයේ විධායක අධ්‍යක්ෂතුමා ප්‍රකාශකර සිටියේ විදේශ රැකියා සඳහා යොමුකරන විටදී වෛද්‍ය පරීක්ෂණ මගින් සෞඛ්‍ය තත්වය පිරික්සා රැකියාවන් වෙත යොමුකලත් රැකියාවෙන් අනතුරුව නැවත සිය රට බලා ඒමේදී එසේ පරීක්ෂාවක් සිදු නොකරන බවයි. නිසා රෝගී තත්වයන් උරුම කරගනිමින් සමාජගත වීම සිදුවීම සිදුවන අතර රෝගී තත්ව සමග ජීවත්වීම විශාල සමාජ ආර්ථික පීඩනයකට ශ්‍රමිකයන් පත්කර ඇති බවයි.

 

අදහස් දැක්වීම ඉන්ද්‍රානී මහත්මිය, ක්ෂේත්‍ර නිළධාරිණි

සංක්‍රමණික කාන්තා සංවිධානය - කෑගල්ල

රැකියා සඳහා විදේශගත කිරීම විශාල කර්මාන්තයක් බවට පත්ව ඇති වර්තමාන සමයේ සුරක්ෂිත විදේශ රැකියා මගින් විදේශ විනිමය සම්පාදනයටම පමණක් අවධානය යොමුකොට තිබීම අභාග්‍යසම්පන්න තත්වයකි. විදේශ රැකියා සඳහා දෙමව්පියන්ගෙන් කෙනෙක් පටත්ව යාමේදී ඔහුගේ හෝ ඇයගේ පවුලේ උදවිය සමග එකට එක්ව පවුලේ සංවර්ධන සැළැස්මක් විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් විසින් සැකසීම සිදුකලත් එම සැළසුම අනුව කටයුතු කරමින් පවුලේ උදවිය සමග කටයුතු කිරීම බොහෝවිට සිදුනොවෙයි. එම සැළැස්ම එසේම සිදුවීම ප්‍රායෝගික නොවීමට බොහෝ කරුණු කාරණා හේතුවන අතර රැකියා සඳහා විදේශගතවීමේන් සිදුව ඇති අඩුව, හිස්බව හෝ පවුලට පැණනැගී ඇති ගැටළු නිරාකරණයට නිසි සහයෝගයක් සැළැස්මෙන් හිමි නොවේ.

මෙවැනි අතිවිශාල සමාජ ප්‍රශ්ණ ප්‍රමාණයකට මගපෑදීම සිදුවන විදේශ ශ්‍රමිකත්වය  තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පවත්වාගෙන යාම සිදුකලයුතුද යන ප්‍රශ්ණ අපට නිරන්තරයෙන් පැණනැගේ. මිලියන 02 ක් පමණ වන විදෙස්ගත ශ්‍රමික පිරිසෙන් අවම වශයෙන් කාන්තාවන් විදේශගතවීම වැළැක්වීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක අවශ්යතාවය තිබේ. එහෙත් මෙම කාරණව සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් වගකිවයුතු කාර්්‍යබාරයක්  ඉටුකරන බවක් නොපෙනේ.

විදේශ ශ්රමිකත්වය සඳහා යොමුවීම රටේ ආර්ථිකයට සෘජුවම බලපාන බැවින් හා අපේ රටේ ආර්ථිකය නිරන්තරයෙන් ඉතාමත් අසතුටුදායක තත්වයක පවතින බැවින් විදේශ ශ්‍රමිකත්වය අධෛර්්යමත් කෙරෙන ආකාරයේ වැඩපිළිවෙලක් නුදුරේදී හෝ ක්‍රියාත්මකවනු ඇතැයි සිතිය නොහැකිය. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම තුලින් ප්‍රාදේශීය වශයෙන් ජනතාවට ජීවනෝපායක් සැකසෙන තුරු විදේශ රැකියා සඳහා මිනිසුන් යොමුවීම, අඩුම වශයෙන් දරුවන් සිටින අම්මලා වෙත යොමුවීම වළක්වාගත නොහැකියි. අපේ මිනිසුන් විදෙස් රැකියාවෙත වැඩි වශයෙන් යොමුකිරීම දීර්ඝකාලීන අවාසි රැසක් ඇතිකරවන බව පෙන්වීමට තරම් තොරතුරු සහිත විධිමත් පර්යේෂණයක අවශ්යතාවයද පවතී.

 

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දහඩිය කඳුලින් රටතුලට ගලා එන අමෙරිකානු ඩොලර් බිලියන 07 පමණ මුදල එම ශ්‍රමිකයන්ගේ පවුල්වලට අත්වී ඇති විවිධ අභාග්යසම්පන්න තත්වයන්ට සුමට ලෙස හිලව් කරගත හැකිද? ලකෂ ගණනක් පවුලවලින් පිරිසක් වාසනාවකට දැඩි අර්බුදයන්ට මුහුණනොදී සිටියත් තවත් පිරිසකට කටුක ඉරණම් උරුමකර දෙන විදේශ රැකියා නියුක්තිය හා එහි සමාජ පිරිවැය නිසිපරිදි ගණනයකොට ප්‍රතිපත්තියක් සම්පාදනය කල යුතුව තිබේ. සඳහා අදාල පාර්ශවයන්ගේ අවධානය මෙයින් යොමුකරමි.

අසිත දර්ශණ

Sense of Life Foundation


Comments

Popular posts from this blog

ජාතික ආගමික සංහිඳියාවේ සංකේතාත්මක පුරවරය