Posts

Showing posts from November, 2020

ලෝකෙටම බඩු පැකට් වීමට නියමිතයි.

Image
 මේ කියන්න යන්නේ දැන් ලෝකෙටම හුරු පුරුදු කොරෝනා වසංගත තත්වය ගැන නෙමේ. කොරෝනා තත්වය සමග උත්ගත වෙමින් පවතින වෙනත් ප‍්‍රශ්ණයක් සබම්න්ධවයි. ලොව පුරා සෑම රටක්ම කොවිඞ් 19 සඳහා විවිධ ප‍්‍රතිචාර දැක්වීම සිදුකලා. එහිදි සිදුකල පොදු ප‍්‍රතිචාරයක් වූයේ සංචරණ සීමා පැණවීම, ඇඳිරි නීතිය දැමීම හෝ ප‍්‍රදේශ වශයෙන් හුදකලා කිරීමට කටයුතු කිරීමයි. මෙවන් තත්වයන්හිදී මිනිසුන් යුහුසුළුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කරන ආකාරය දක්නට ලැබුණා. එම රැස්කිරීම සමහරවිට සැබෑ භාවිතාවට ගැනෙන ප‍්‍රමාණයන්ට වඩා බොහෝ සෙයින් වැඩි ප‍්‍රමාණයක්.  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස්කරන අතරම සැකසූ ආහාර මිලට ගෙන රැස්කිරීමද බොහෝසෙයින් සිදුවිය. සැකසූ ආහාර ලෙසට විශේෂයෙන් ඔබ ප‍්‍රදේශය හුදකලා කර තිබූ අවස්ථාවන්වල ගෙදර සිටියදී කොතරම් බිස්කට් ඇතුළු ක්ෂණික ආහාර ලබාගත්තේද යන්න මතක්කර බලන්න. වර්තමාන ලෝකයේම බහුතර පිරිසක් මෙවන් සැකසූ ආහාර ගිලදැමීම සිදුකරන සමයක් ලෙස මෙම කාලය හඳුන්වාදිය. මේ කෑම නිසා සිදුවන සෞඛ්‍ය හානිය ව්‍යසනයක් ලෙස අපට දැනෙන්නට තව ටිකක් කල්ගත වෙනු ඇත. එහෙත් මෙම ආහාර ඇසුරුම් පරිසරයට ඒක් වීමෙන් සිදුවන පරිසර හානියට නම් එදිනෙදා මුහුණදී...