අපි හිතන්න  ඕනේ කොහොමද කියලා තීරණය කරන්නනේ මාධ්‍ය


කොරෝනා සමය ගෙවෙමින් පවතිනවා වගේ හැඟීමක් එනවා නේද ? ඒත් ඇත්තටම කොරෝකා ප‍්‍රශ්ණේ ඉවරයි ද? නෑ ඒක ඉවර නෑ... දැන් තමයි වාර්තා වෙන විදියට දකුණු ආසියානු කලාපයට වැඩිම බළපෑමක් එල්ල වෙන කාලේ. ඉන්දියාවේ, බංගලාදේශයේ හා පාකිස්තානය වැනි රටවල කොවිඩි නිසා ඇතිවන මරණ විශාල ලෙස වැඩි වෙලා. රෝගීන් ඇතුල්කරගෙන ප‍්‍රතිකාර කිරීම සිය උපරිම මට්ටමට පැමිණ ඇතැයි ඉන්දීය රජය පවසනවා. අපිට දැන් කොරෝනා ඉවරයි වගේ හැගීමක් එනවා. ඒක එන්න ප‍්‍රධාන හේතුවත් තමයි අපේ රට මේ වන විට ලිහිල් කොට සාමාන්‍ය පරිදි වැඩ ආරම්භකර තිබීම. අනෙක් ප‍්‍රධාන හේතුව තමයි කොරෝනා පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය එන්න එන්නම අඩු වීම.

අද වනවිට ප‍්‍රධාන ප‍්‍රවෘත්ති වාර්තාවලදී පවා විදේශයන්ගේ කොරෝනා තත්වය පිළිබඳ අවධානය යොමු උවත් අපේ රටේ තත්වයන් පිළිබඳව සුවිශේෂි බවකින් තොරව වාර්තා වීම් සිදුවෙනවා. ඇත්තටම සුවිශේෂිව වාර්තා කරන්න දේකුත් නැතුව ඇති. එහෙත් ඔබට මතක නම් මීට මාස 02 ට පෙර මේ මාධ්‍ය හැසිරීම තිබුණේ කොහොම තැනකද කියලා වඩා හොඳ අවබෝධයක් ලබාගත හැකියි. ඇත්තටම ඒ දිනවලත් සුවිශේසී නොවන දේ ඉතාම සුවිශේෂි ආකාරයෙන් මාධ්‍ය වාරතා කලා. ඒ නිසා ඒ කාලයේ කොරෝනා පිළිබඳ මින්සුන්ගේ උනන්දුව උද්‍යයෝගය තිබුණේ ඉතාම ඉහත තැනක. 

ඒත් අද වන විට මාධ්‍ය මේ සම්බන්ධයෙන් දක්වන්නේ ඇල් මැරුණු ස්වභාවයක්. ඒ නිසාම ජනතාවත් එතරම් කොරෝනා පිළිබඳව තවදුරටත් වද වෙනවා යැයි සිතිය නොහැකියි. ජනතාවට තොරාබේරාගැනීම් කරලා දෙන්නේ මාධ්‍ය කියන්න මේ කොරෝනා සමය හොඳ උදාහරණයක්. අපේ රටේ මේ තත්වය තේරුම් ගන්න  ඕනතරම් සිද්ධි අධ්‍යනය කලොත් පුළුවන්. පසුගිය පූර්ව ඡුන්ද සමයන් හිදී වඳ සැත්කම්, වඳ පෙති, සොයා ගම් වැදුනු මාධ්‍ය අද ඒවා ගැන කතාවක් නෑ. ඒ අනුව මින්සුන්ට ද ඒ පිළිබඳ මතකයක් නෑ. කිසියම් දේශපාලන මතයක් පෙරදැරි කරගෙන හැසිරෙන මාධ්‍ය නාළිකා හෝ ආයතන මගින් මීට වඩා යමක් අපට බලාපරොත්තු විය නොහැකියි. 

අපි තේරුම්ගන්න  ඕන සත්‍ය නම් මාධ්‍ය වැඩිම වාසි ගන්න පුළුවන් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට, පුද්ගලයාට ඔබව පාවලා දීලා වරප‍්‍රසාද ගන්නවා. ඔබ මාධ්‍ය එක්ක ඒවායේ වාර්තා වෙන දේවල් එක්ක අවංකව බැඳිලා ගමනක් යනවා. හැබැයි මගදී ඔබවත් ඇදගෙන ගමන යන්න පටන් ගත්ත මීඩියා තමන් බාරගත් කොන්ත‍්‍රාත් එක නවත්වලා වෙන කොන්ත‍්‍රාත් එකකට අඩිය තියනවා. ඔබටත් ඔබ අතරමන් උනා වගේ  හැඟීමක් එන්න කලින්ම ඔබව අර අළුතින් ගත්ත කොන්ත‍්‍රාත් එක එක්කත් ගමණක් එක්කන් යන්න පටන් ගන්නවා. අවසාන වශයෙන් ඔබ ගමන පටත් ගත්ත තැත, හේතුව මොකවත් තේරුම් ගන්න බැරි තරමට පැටලෙනවා. අපි මහජනතාව විදියට තොග වශයෙන් යූස් වෙනවා කිව්වොත් නිවැරදියි. 


මේ වගේ තත්වයත් තුල අහවල් දේශපාලන ව්‍යාපාරයට 3% ක වගේ ඡුන්ද ප‍්‍රතිශථයක් ලැබීම පුදුමයක් නෙමේ. මාධ්‍ය ඉඩක් ලැබෙන්නේ නැති තැන් අතුගෑවිලා යනවා. එන්න එන්න පුංචි වෙනවා. මට නිකං හිතෙනවා අන්තිමට කවදා හරි මේ රටේ එක පක්ෂයක් විතරක් ඉතුරු වෙයිදෝ කියලත් හරියට ජොර්ජ් ඔවෙල් ගේ 1984 කියන නවකතා පොතේ තියෙනවා වගේ. මිනිස්සුන්ගේ අජෙන්ඩා එක හසුරුවන වැඩි හැකියාව මාධ්‍යට තියෙන නිසා මාධ්‍ය එක්ක අත්වැල් බැඳගෙන යන දේශපාලන ප‍්‍රවාහයකට මේ දේ කරන්න අපහසුවක් නෑ. අනේ අපි මහජනතාව හරිම අහිංසකයි, අපිට ලොකු දේවල්  ඕන නෑ එහෙනම් ඔන පොඩි දේ තමා මාධ්‍ය ඇම විදියට භාවිතා කරන්නේ. ඒ ඇමට ජාතිය, ආගම, රට, ඇට, ඇට කටු, වගේ  ඕනම එකක් ඉතිහාසය පුරාම භාවිතා උනා අනාගතයේත් මේ ආසන්න දේ විවිධ මට්ටමෙන් භාවිතා වෙයි. 

මාධ්‍ය නොකියන හා නොපෙන්වන දේ අහන්න දකින්න පුරුදු පුහුණු කලොත් මේ ඇම ගිලලා අතරමං වෙන එකක් නෑ. මිනිස්සු හරියට සිමෙන්ති බෑග් වගේ, කොන්ත‍්‍රාත් එක කරගෙන යනකොට සිමෙන්ති වලින් ඔන දේ කරගෙන බෑග් එක විසිකරනවා. අපේ කැමැත්ත තමා උන්ගේ කොන්ත‍්‍රාත් එක සවිමත් කරපු සිමෙන්ති. ඒ කැමැත්තෙන් බිත්ති බැන්දට පස්සේ බෑග් තියාගෙන අහවල් දෙයක් කරන්න ද ? විසි කරනවා. ඒ නිසා අපිව කඬේ එක්කන් යන මාධ්‍ය තේරුම් ගනිමු. අපි එයාලත් එක්ක කඩේ යනවා වගේ පෙන්නමු !! 

මගේ කැමැත්තට බළපෑම් කිරීමට හැකියාව ඇති එකම එකා මාධ්‍ය පමණක් නොකරගමු. 

 - හාරත ආසියා

Comments

Popular posts from this blog

මව්පියන් විදේශ රැකියා වෙත යොමුවීම සමග ඇතිවී ඇති සමාජ ගැටළු හිලව් කලහැකි ද?

ජාතික ආගමික සංහිඳියාවේ සංකේතාත්මක පුරවරය