2020.06.09 දින කොළඹ ජාතික රෝහල් කාර්‍ය මණඩලටය අතිකාල දීමනා ගෙවීම සඳහා ගෙන එන ලද රු. මිලියන 08 ට ආසන්න මුදලක් වෛද්‍යවරයෙක් විසින් ප්ලාස්ටික් ගිනි අවියක් පෙන්වා පැහැරගෙන යාමට කටයුතු කර තිබුණා. එහෙත් එම වෛද්‍යවරයා අත්තඩංගුවට පත්ව ඇති අතර, වෛද්‍යවරයෙක් තරම් සමාජය අදහන වෘත්තිකයෙක් මංකොල්ල කරුවෙක් වන්නට පතුපිටට නොපෙනෙන කිසියම් හෝ හේතු තිබෙන්නට පුළුවන්.
අන්න ඒ හේතු මොනවා වෙන්න ඇති ද යන්න පරිකල්පනය කොට කතාවක් ගොඩනැගීම මාගේ අරමුණයි. එන්න අපි අපේ මානයෙන් නොපෙනෙන සත්‍යට මස් දාලා හදමු. කුණු රසයකට නෙමේ සමාජය අනේක විද ප‍්‍රශ්ණවලින් පීඩිතයි, අන්න ඒ පිඞීත කතා වෛද්‍යවරයාගේ කතාවෙන් සමාජගත කරන්නයි මේ උත්තාසහය.
වියහැකි 1
වෛද්‍යවරයාගේ පවුලේ ආදරණීයකුගේ හදිසි සැත්කමකට හෝ අවශ්‍යතාවයකට විශාල මුදලක් අවශ්‍යව තිබූ නිසා, එතරම් විශාල මුදලක් මෙවැනි වෘත්තිකයෙකුට උවද එකවර සපයා ගැනීමට නොහැකි බැවින් කාලයක් තිස්සේ මෙම මුදල් ගෙන ඒමේ ක‍්‍රියාවලිය පිළිබඳව දන්නා වෛද්‍යවරයා එම මුදල් පැහැර ගැනීමට කටයුතු කලා.
වියහැකි 02
ජාතික රෝහලේද සේවය කර ඇති මේ වෛද්‍යවරයා මෙම අතිකාල දීමනා සඳහා මුදල් ගෙන ඒම පිළිබඳව විමසිලිමත් වන්නට ඇත. ඒ පැහැරගැනිමේ චේතනාවෙන් නොවුනත් මුදල් වලට ඇති ආසාව නිසා උත්සාහයක් දරා මුදල් ලබාගැනීමට කටයුතු කලා ද විය හැකිය. ඔහු සිය වෘත්තියද, මනුස්සකම් ද, ගරුත්වය පිළිබඳව කිසිදු තැකීමක් සිදුකර නැත.
වියහැකි 03
වෛද්‍යවරයෙක් ලෙස ජීවිතය පිටින් සිට බලන්නෙකුට මහා සැප සම්පත්, පර්මිට් වාහන, අමතර හොඳ ආදායම් ඇති වෘත්තියක් ලෙස සිතුනත්, මේ වෛද්‍යවරයා තම තත්වය පෙන්වීමට ගොස් අධික වියදම් කාරී ජීවිතයක සිට මිල මුදල් නොමැති වීම නිසා මෙවැනි ක‍්‍රියාමාර්ගයකට එළඹියා විය හැකිද?
වියහැකි 04
වෛද්‍යවාරයාගේ බිරිඳ අධික වියදම් ඇති බොහෝ දේ අපේක්ෂා කරන මෙන්ම කිසිදු ඉතිරියක් නොමැති අයෙක් වී නම්, වෛද්‍යවරයාට ඒ ගෙදර යනවාට වඩා අවදානමක් ගෙන මුදල් පැහැර ගැනීම මගින් තම බිරිඳ සතුටු කරහැකි බව වත් සිතුනාද ? මේ වැඬේ අහු උනොත් හිරේ ලැගීම බිරිඳ සමග ගෙදර ඉන්නවාට වඩා හොඳ යැයි ඔහු සිතුවා ද?
වියහැකි 05
තමා වෛද්‍ය වෘත්තිකයෙක් උවත් දරුවාගේ හෝ දරුවන්ගේ උසස් අධ්‍යපනය වෙනුවෙන් අනාගතයේදී පැමිණීමට නියමිත අභියෝගයන්ට තමා සූදානම් නැති බව හැගුනු දොස්තර ප්ලාස්ටික් තුවක්කුවක් ගෙන මුදල් පැහැර ගන්න සිතුවා ද විය හැකිය.
වියහැකි 06
තම වෛද්‍ය සගයන් රජයේ සේවයට අමතරව සිදුකරන පුද්ගලික වෛද්‍ය සේවා සැපයීම මගින් විශාල ආදායමක් ලැබුවත් , මෙම වෛද්‍යවරයා පුද්ගලික සායන හෝ පුද්ගලික රෝහල් හරහා සේවා සැපයීම නොකරන බැවින් අනෙක් සගයන් මෙන් සාරවත් ජීවන වටපිටාවක් මේ වෛද්‍යවරයාගෙන් නොපෙනිනි. ඒ හේතුවෙන් අවමානයට පත්ව ඉක්මනින් වැඩි මුදල් ප‍්‍රමාණයක් සොයාගෙන තම වෛද්‍ය සගයන්ගේ මට්ටමට පැමිණීමට අපේක්ෂා කලා විය හැකි ද නොදනී.
වියහැකි 07
දොස්තර කැසිනෝ හෝ වෙනත් දුරාචාරයකට යොමුව තමා සතු වූ සියළු දේ ඒ වෙනුවෙන් වියදම් කල අයෙක් නම් එම පුරුද්ද නිසා අවශ්‍ය මුදල් සොයාගැනීමට මෙම මංකොල්ලය සිදුකලාද විය හැකියි.
වියහැකි 08
ඉතාම හොඳ පවුල් පසුබිමකින් හා හොඳ පවුල් ජීවිතයක් ගත කරන මේ වෛද්‍යවරයා නුදුරු කාලයකදී කිසියම් අනියම් ඇසුරකට යොමු වී සිටි අතර. එම ඇසුරු කල කාන්තාව විසින් දොසතර මහතාට තර්ජනය කරමින් මුදල් ගරා කැම සිදු වීම නිසා මෙවැනි උත්සාහයක් සඳහා යොමුවීම සිදු උනාදැයි ද සිතිය හැකිය.
වියහැකි 09
අනෙක් දොස්තරලා වගේ මුදල් පස්සේ හා එන එන අළුත් වර්ෂන් එකේ කාර් පස්සේ එලවන්නේ නැති මේ වෛද්‍යවරයා කලයක පටන් සිය බිරිඳගෝ දෝශදර්ශණයට ලක්වෙමින් සිටියාද ? ඉතාම සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන මේ දොස්තර මහතා හා අනෙක් කුවේර ජීවිත ගත කරන දොස්තරලා සංසන්දනය කරමින් ගෙදර අඩ දබර කරගත්තා ද? මේ ගැටුම් ඉහවහා ගිය කල දොස්තර මහතා එයට පිලියමක් වශයෙන් සිය සියළු ගෞරවයන් උකස් කොට මෙවැනි මුදල් පැහැරගැනීමක් කිරීමට සිතුවා ද?
මෙන්න මේ වගේ එකකට එකක් වෙනස් ජීවන අත්දැකීම් මේ වෛද්‍යවරයාගේ කතාව සමග ගැලපිය හැකියි. ඒත් ඇත්ත කතාව අපි කවුරුත් නොදන්නා අතර එය වෛද්‍යතුමා පමණක් දනී. කෙසේ වෙතත් ඉහත කී අනුමාන පරිකල්පන සියල්ලට මේ සමාජය සාක්ෂි දරයි. වෛද්‍යවරයාගේ මුදල් පැහැර ගැනීමත් ඒ ඉතිහාසයට සාක්ෂියක් වනු ඇති.
මේ කතාවේ අපි නොදන්න වියහැක්ක පර්කල්පනයෙක් නිර්මාණය කරන්න ඔබටත් ආරාධනා කරනවා. නැවතත් කියන්නේ කුණු හාරන්න නෙමේ. මේ අපේ ජීවිතය, අපි ජීවත් වෙන සමාජයේ කතා. අපි මතක තියාගන්න ඕනේ දෙයක් තමා අපේ ජීවිතයක් කොයි වෙලාවේ රටේ ප‍්‍රධාන නිව්ස් එකක් බවට පත්වෙයිද කියලා දන්නේ නෑ කියන එක. ඒ නිසා හදාරමු ජීවිතය.
ඇට නැති දිව නැමෙන නැමෙන පැත්තට කතා කියනවා,
සීමා මායිම් නැති මනස ඇසිලකින් කතා මවනවා - වෛද්‍යතුමාව මේ මංකොල්ලය කරන්න යොමුකරපු ගුප්ත කාරණය පරිකල්පණයෙන් දකින්න ඔබටත් පුළුවන් !!
- හාරත ආසියා


Comments
Post a Comment